- නිවසින් පමිණීමට ප්‍රථමව දෙමාපියන් නැමදිය යුතුය.
- පාසලට පැමිණෙන අතරතුරදී හමුවන මෙම විද්‍යාලයේ හෝ වෙනත් විද්‍යාලයක ගුරුභවතුන්ටද වැඩිහිටි අයටද අචාරශීලී විය යුතුය.
- ඔබ බසයෙන් පාසලට එන්නේ නම් ඔබ බසයේ අසුන්ගෙන සිටින විටෙක මෙම විදුහලේ හෝ වෙනත් විද්‍යාලයක ගුරු භවතුන්ට ගැබිණි මව්වරුන්ට හා සිටගෙන යාමට අපහසු වයසින් වැඩි අයට තමාගේ අසුන පරිත්‍යාග කිරීමෙන් අප විදුහල ගෞරවයට පත්රකර ගැනීමට කටයුතු යුතුය.
- බසයෙන් එන වැඩිහිටි පිරිමි ළමුන් බසයට නැගීමට ප්‍රථම වයසින් අඩු පිරිමි ළමුන් හා ගැහැණු ළමුන්ටද, වැඩිහිටි ගැහැණු ළමුන්ටද බසයට නැගීමට අවස්ථාව සලසා ඉන් පසුව බසයට නැගීමට පූරුදු විය යුතුය.
- විදුහල් භූමියට ඇතුළු වූ පසු ඔබට මුන ගැසෙන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හිසනමා සුබ පැතිය යුතුය.
- ගුරුභවතුන් සමග එකට එක කතා නොකල යුතු අතර සෑම ගුරුභවතෙකුටම එක හා සමාන ගෞරවයක් දැක්විය යුතු අතර කීකරු විය යුතුය.
- නිවැරද්දකදී වුවද නොදැන කිසියම් ගුරුභවතෙකු විසින් ඔබට දඩුවම් කලහොත් එවැනි විටකදී උරණ නොවී සිට පසු අවස්ථාවකදී තමා නිවැරදි බව අදාල ගුරුවරයා සමග පැවසීමට් ආචාරශීලී හා ඉවසිලිවන්ත විය යුතුය.
- කිසියම් ගුරුභවතෙකු හට පොතක් හෝ යම්කිසි දෙයක් පන්ති කාමරයේදී හෝ පිටයතදී පිරිනමන විට එය අත් දෙකෙන්ම දීමට පුරුදු විය යුතුය.
- ගුරුභවතුන් කතා කරමින් සිටින අතර මැද්දෙන් නොයා යුතුය.යාමාට වෙනත් මාර්ගයාක් නොමැතිනම් ආචාරශීලීව අවසර ගෙන එතනින් යා යුතුය.
- පන්තියකට ඇතුළු වන විට ගුරුභවතෙකු පන්තියේ සිටින්නේ නම් ආචාරශීලීව ආවසරගෙන පමණක් පන්තියට ඇතුළු විය යුතුය. පිටවීමකදී ද එසේම විය යුතුය.
- යම්කිසි ගුරුභවතෙකු පන්ති කාමරයට ඇතුලු වූ පසු පන්තියේ ළමුන් නැගිට එම ගුරුභවතාට ආචාර කළ යුතුය.
- පාසල් වාරයක් අවසානයේදී ඔබ අ.පො.ස. සා/පෙළ හෝ උ/පෙළ විභාගායට පෙනී සිටින විටකදී, හෝ සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසලට එන ප්‍රථම දිනයේදී, කිසියම් තරගය්යාක්ට විදුහල නියෝජනය කරමින් යන විටකදී හෝ එවැනි විශේෂ අවස්ථා වලදී විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට දණ බිම තබා දෙපා නැමැද ගුරුභවතුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පුරුදු විය යුතුය.
- ඔබ ගුරුභවතුන් දෙමාපියන් වැඩිහිටියන් නමදින ඕනෑම අවස්ථාවකදී දෙදණ බිම තබා දෙපා නැමැදීමට පුරුදු විය යුතුය.
- විදුහල්පතිතුමා හෝ ගුරුභවතුන් වෙත පැමිණි විටකදී සීරුවෙන් සිට කතා කිරීමට පුරුදු විය යුතුය.
- පාසල හැර ගිය පසුව වුවද ඔබේ පාසල් මාතාවට අගෞරවයක් නොවන පරිදි සමජයේ හැසිරීමට වගබලා ගත යුතුය.
- පාසල හැර ගිය පසු ඔබ මෙම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයට බැදී විද්‍යාලයේ දියුණුවට කටයුතු කරමින් පාසලේ සිටින සිසුන්ට ආදර්ශයක් දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.







