කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.

නිර්මාතෘවරු

ඉංග්‍රීසි භාෂා කදවුර

IMG-20240314-WA0024.jpg
IMG-20240314-WA0033.jpg
img-20240219-wa0012.jpg

එද සත්කෝරලයට පහන් තරුවක් බදුවූ ශ්‍රී බෝධිරුක්ඛාරාමය දැකුම්කළු ඉතා සුන්දර වටපිටවකින් යුක්ත රමණීය ස්ථානයකි.ගමේ කේන්ද්‍රස්ථානය වූ එහි අධිපති ධූරය දැරුවවූ අති  පුජණිය මාකදුරේ ශ්‍රී රතනපාල පේමානන්දාභිධාන කුරුණෑගල පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ සත්කෝරලයට පමණක් නොව මුළු රටටම මිනිපහනක් බදු වුයේය.

මහනාහිමියන් විසින් එවකට පැවති ඉංග්‍රීසි පාලකයන්ගේ ලිඛිත අවසරයකින් ලබා බෞද්ධදරුවනට ඉතාම අවශ්‍ය සම්පතක් වූ මෙම පාසැල ක්‍රි.ව.1928.09.17 වන දින සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පොල්තෙල් පහන දල්වා පොල් අතු ශාලාවක සිසුන් 65 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී.

පසු කලෙක බෝධිරුක්ඛාරාමාධිපති වැඩ විසු අති පුජනිය කළුගමුවේ චන්‍යවිමල ස්වාමින් වහන්සේගෙන් පුරෝගාමිත්වය හා මගපෙන්වීමෙන් ලැබූ මහගු දියුණුව හේතුවෙන් මෙය ශ්‍රී බෝධි විද්‍යාලය ලෙසින් නම් කරන ලදී.1928.10.01 දින සිට මෙහි ප්‍රධානාචාර්යවරයා හැටියට එම.ඩී.බී.විජේරත්න නම් දුන්කන්නාව ප්‍රදේශයේ මහතෙකු පත් විය.

කළමනාකාර ධුරයේ කටයුතු 1928.11.06 දින පටන් එම ධුරය උඩදෙණිය පළාතේ ගම්මුලාදෑනී ධූරය දැරූ ඒ.එම්.වේලප්පුහමි ගම ආරච්චි මහතාට භාර දෙන ලදී.