විදුහල්පති පණිවිඩය
එම්.එස්.බී.මිරිහාගල්ල මයා
කුඹුක්ගහමුල්ල ශ්‍රි බෝධි ස්වර්ණ ප්‍රදීපයෙහි විදුහල්පතිතුමා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබදව මේ අවස්ථාවේ මාහට දැනෙන අභිමානය මහත් බව ඔබට ගෞරවයෙන් දැනුම් දෙනු කැමැත්තෙමි. එමෙන්ම එකී ආයතනයේ වෙබ් අඩවිය ගුරු සිසු සැමගේ දායකත්වයෙන් දියත්වන මේ මොහොතේ මා උණුසුම් සුබ පැතුම් ආදරෙන් පිරිනැවීමට කැමැත්තෙමි.
නව සහස්‍රයේ අධ්‍යාපනික අපේක්ෂා ඇතුළුව ප්‍රඥාවෙන් හා යහපත් ආකල්ප වලින්ද පිරිපුන් නිපුණතාවලින්ද යුතු පුරවැසියෙකු ගොඩ නැගීම ඉතා අත්‍යාවශ්‍යය.
පාසලකින් අපේක්ෂා කරනුයේ විස්මිත ලෙස වෙනස් වන නව ලෝකයකට ගැලපෙන නව පුද්ගලයෙකු ගොඩනැගීමයි.එය වැලි,ගඩොල්,සිමෙන්ති හෝ වෙනත් භෞතික සම්පත් යොදා ගොඩනගන ගොඩනැගිල්ලක් හෝ වෙනත්භෞතික නිර්මාණයක් කරනවා සේ පහසුවෙන් තීරණය කළ හැකි කටයුත්තක් නොවේ.ගුරු සිසු දෙමාපිය කළමණාකරුවන් හා ජාතික ප්‍රතිපත්ති මෙන්ම සියලුම සජීවී සමාජ සහභාගිත්වයෙන් හා සහමිශ්‍රණයෙන් සිදු කල යුත්තකි.
ඒ සදහා එකී අසීරු ගමන් මාර්ගයේ ගමන් කිරීමට අපි කටයුතු කරමු යැයි මම සියලුම දූ දරුවන්ට ඇරයුම් කරමි.
කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධි මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිය පැතිරී මුළු දිවයිනටම පහන් ටැඹක් වේවායි අවසානයේ ප්‍රාර්ථනා කරමි....
එම්.එස්.බී.මිරිහාගල්ල මයා
විදුහල්පති
කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.







