පිරිමි ළමුන් සදහා

- කොණ්ඩය
අමතර විලාසිතා වලින් තොරවකොණ්ඩය කොටට කපා තෙල් ගා
වම් ඇසට කෙළින් කොණ්ඩය බෙදා වමේ සිට දකුණට හොදින් පීරා
තිබිය යුතුයි. පහත සදහන් පරිදි කොණ්ඩය සකස් කිරීම නොකළ
යුතුය.
- කොණ්ඩය ඉදිරියට නෙරා සිටින සේ පිටු පසට පීරීම.
- ප්‍රමාණයට වඩා හිස වටේ කොණ්ඩය කොටට කැපිම.
- පිටුපසින් කොණ්ඩය වැවෙන්නට ඉඩ හැරීම හා පිටු පාස කොණ්ඩය හරහට කැපිම.
- ප්‍රමණයට වඩා දිගට හෝ කොටට දෙකෙන් ඉදිරිපස සයිඩ්ර්න්ස් වැවීම.
- ඉදිරියට පීරූ විට ඇස්වලට පහළින් සිටින සේ කොණ්ඩය දික්ව වැවීම.
- කොණ්ඩය මැදින් බෙදීම.
- හිසෙහි තෙල් හැර වෙනත් කිසිදු අලේපයක් ගැල්වීම.
- විවිධ වර්ණක භාවිතා කර හිසකෙස් වර්ණ ගැන්වීම
- හිසෙහි මතුපිට සම පෙනෙන සේ කොණ්ඩය කොටට කැපිම.
- පනාවක් භාවිතා කිරීමෙන් තොරව අතින් හිසකෙස් සකස් කිරීම.
- රැවුල :
2.1 දැලි රැවුළ මුහුණෙහි පැහැදිලිව පෙනෙන විට කැපීම ආරම්භ කළ යුතුය.
2.2 දැලි රැවුල කැපීම ආරම්භ කළ පසු ශිෂ්‍යභාවය තිබෙන තාක්කල් සම්පූර්ණ රැවුල කපා පාසල් පැමිණ යුතුය.
- කමිසය :
3.1 සුදු අත්කොට කමිසය පමණක් ඇදිය යුතුය.
3.2 කමිස කොළරය විලාසිතාවලින් තොරව සාමාන්‍ය ප්‍රමාණයෙන් විය යුතුය. බොත්තම් හෝ අයිලට් යොදා කරට සවි නොකළ යුතුය.
3.3 කමිසයේ ඉදිරිපස හෝ පිටුපස රැළි නොයෙද යුතුය.
3.4 වර්ණවත් බොත්තම් හෝ අකුරු බොත්තම් ඇල්ලූ කමිස නොඇදිය යුතුය.
3.5 කමිසයේ වම් පස සාක්කුව පමණක් තිබිය යුතුය. ඇතුලු පැත්තට සාක්කු මැසූ කමිස ඇදිමද,සාක්කුවක් නොමැති කමිස ඇදිමද නොකල යුතුය.
3.6 කමිසය ඉදිරිපස බොත්තම් මැදිවනසේ බෑන්ඩ් යෙදූ කමිස නොඇදිය යුතුය.
3.7 අත්කොට කමිසයේ අත වැලමිටෙන් අගල් 2 ක් පමණ ඉහලින් සිටිය යුතුය. කමිස අතේ වටිය අගල් ¾ ක් පමණ පළල් විය යුතුය. ශිෂ්‍යාගේ අතේ ප්‍රමාණයට වඩා විශාල වූ අත් සහිත [ බැගී ] කමිස නොඇදිය යුතුය. මෙහි සදහන් ප්‍රමාණයට වඩා කෙටි විම හෝ දික්විම නොකළ යුතුයි. හැර අන් බොත්තම් සියල්ල දමා නිසි පරිදි කලිසමට යටකර කමිසය ඇදිය යුතුයි.
3.8 කමිස කෙරෙහි බොත්තම් හැර අන් බොත්තම් සියල්ල දමා නිසි පරිදි කලිසමට යටකර කමිසය ඇදිය යුතුයි.
3.9 සෑම කමිසයකම සාක්කුවේ ඔබගේ දකුණු පසට වන්නට පාසලේ නිල ලාන්චනය සහිත කමිස පමණක් ඇද පාසල් පැමිණිය යුතුය.
3.10 පාසල් නිල ඇදුම සදහා නොමිලේ නිකුත් කරන ලද කමිස රෙද්ද හෝ ඊට සමාන රෙද්දකින් කමිසය මැසිය යුතුයි.
3.11 කමිසය මැසිමේදි සියලුම් මැහුම් දෙක බැගින් නොදැමිය යුතුයි.
0.4 දිග කලිසම
4.1 10 ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණීවල සියලූ පිරිමි ළමුන් දිග කලිසම ඇදිය යුතුයි.
4.2 තනි සුදු රෙද්දෙන් පම්ණක් මසා ගත යුතුය.
4.3 කලිසමේ ඉන පටිය [ බෑන්ඩ් ] අගල් 1.25 කට වඩා පළල් නොවිය යුතුය.
ශිෂයාවන් සඳහා
01.ගවුම :
➤ අගල් 1 1\2 පළලින් යුක්ත රැළි සහිතව ගවුම මසා තිබිය යුතුයි.
➤ දණ හිසේ සිට අගල් 2 ක් පහළට ගවුමේ උස තිබිය යුතුයි.
➤ කොළරය වඩා සිහින් හෝ පළල් නොවිය යුතුයි. කරපටිය ගැට ගැසූ විට පිටුපසින් හා ඉදිරිපසින් එය හොදින් වැසෙන සේ
කොළරය පළල් විය යුතුයි.
➤ බෙල්ලේ ප්‍රමණයට පමණක් කර කැපිය යුතුය. ඉදිරිපස විවරය අගල් තුන හතරක් විය යුතුය. දිගටම විවරය නොකැපිය
යුතුය.
➤ ගවුමේ අත වඩා දිග හෝ වඩා කෙටි නොවිය යුතුය. ගවුමේ අත්වල වාටි ඇතුළට නැවිය යුතුය. (අත එසවූ විට ඇතුළ
නොපෙනෙන සේ)
➤ පාසල් ලාංඡනය ගවුමේ උරහිසට පහලින් දකුණු පසින් මසා තිබිය යුතුය.
➤ තමන්ගේ ශරීරයේ ඉණ පිහිටා ඇති ස්ථානයට ගවුමේ ඉණ මසා තිබිය යුතුය.
02.පාවහන් :
➤සුදු පැහැති ලේස් සහිත , චාම් අඩු මිල පාවහන් පැලදිය යුතුයි. වළලුකර නොවැසෙන ලෙස පාවහන් පැළදිය යුතුය. සුදු මේස
වළලුකර ළගට නවා පැළදිය යුතුය.
03. කොණ්ඩය :
➤හිසෙහි පොල්තෙල් ගා හිස මැදින් බෙදා, පීරා, කන් නොවැසෙන සේ හා කරල් දෙකක් වන සේ ගොතා, ගොතන ලද
කොන්ඩා කරල් කෙළවර නමා කළු පටියකින් බැදිය යුතුය.
➤කොණ්ඩය කපන්නේ නම් ගවුමේ කොළරයේ නොගෑවෙන සේ කපා තෙල් ගා හිස පැත්තට පීරා කොණ්ඩා කටු ගැසිය
යුතුය.
04.ටයිපටිය:
➤සෑම ශිෂ්‍යාවක්ම විද්‍යාලයට පැමිණෙන සෑම දිනකම ටයිපටිය පැළදිය යුතු අතර , එය විද්‍යාලයට පමිණ ආපසු නිවෙස වෙත
යන තෙක්ම පැළද සිටිය යුතුය. පාසලට පැමිණි දිනකදී ටයිපටිය නොමැතිව පාසලින් බාහිර වෙනත් කිසිදු ස්යාථානයක
නොගැවසිය යුතුය.
05. වෙනත් :
➤ඇහිබැම ඉවත් කිරීම, ඇහිබැම සකස් කිරීම , නිය ආලේපන කිරීම, තොල් ආලේප කිරීම හා කිසිදු ආකාරයක විලාසිතා
භාවිතා කිරීමෙන් වැලකී සිටිය යුතුය.
➤මාල මුදු, එල්ලෙන තෝඩු වර්ග පාට තෝඩු වර්ග නොදැමිය යුතුය.
06.පොදු අතිරේක කරුණු:
➤විවිධ වර්ගයේ මාල, පාමුදු, අතැගිලි මුදු, ඇත ඔරලෝසු, විවිධ මාදිලියේ වළලු පැළදීමද, විලාසිතාවක් ලෙස නූල් අතේ
පැලදීමද නොකළ යුතුය.







