කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.

ඉංග්‍රීසි භාෂා කදවුර

IMG-20240314-WA0024.jpg
IMG-20240314-WA0033.jpg
img-20240219-wa0012.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩී.එම්.ටී.දිසානායක

දයාබර දරුවනි,දෙමාපියනි, සහ භාරකරුවනි,

කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධි විද්‍යාලයේ වෙබ් පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමි.අලුතින් නිර්මාණය කරන ලද පාසලේ වෙබ් පිටුවට ලිවීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි.

අධ්‍යාපනය ජීවිතයේ නිම්වළලු පුළුල් කිරීමට පූර්ණ වශයෙන් දායකවන බව නොරහසකි.එමගින් පුද්ගලයාගේ චින්තන රටව වෙනස් වීමෙන් සමාජයේ සුභසිද්ධිය උදෙසා චින්තනය මෙහෙයවීම සිදුවේ.ඒ සදහා නවීන තාක්ශණයේ භාවිතය කාලීන අවශ්‍යතාවයක් වේ.ඒ සදහා පාසලෙන් ලැබෙන යොමු කිරීම හා හුරුව ඉතා වැදගත් වේ.

ඒ සදහා යන ගමන් මගේ එක් සංධිස්ථානයක් ලෙස ශ්‍රී බෝධියට වෙබ් පිටුවක් නිර්මාණය කිරීම සැලකිය හැකිවේ.ශ්‍රී බෝධි දරුවන්ගේ නැණ පහන් දැල්වීමටත් අනාගත නිම්වළලු පුළුල් කිරීමටත් හැකියාව ලැබෙන නවමු අවස්ථාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ඩී.එම්.ටී.දිසානායක
නියෝජ්‍ය විදුහල්පති
කුලි/කුඹුකගහමුල්ල ශ්‍රී බෝධී මධ්‍ය මහා විද්‍යාලය.