වයඹ පළාතේ කුඹුක්ගහමුල්ල නැමැති සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
ආරම්භය -
1928.09.17 දින කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අති පුජ්‍ය මකදුරේ ශ්‍රී රතනපාල පේමානන්දභිධන කුරුණෑගල පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ විසින් සිසුන් 65 දෙනෙකු ගේ සහභගීත්වයෙන් කුඹුක්ගහමුල ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවක නමින් විහාරස්ථාන භුමියේ කොටසක තාවකාලික ගොඩනැගිල්ලක පාසල ආරම්භ කාරන ලදී.
1961 වසරේදී ඉලුප්පුගමුව ග්‍රාමයෙන් පාසලට බිම් කොටස් ලැබීම හා පාසලේ ද්විතියික අංශය එම කොටස තුල පවත්වාගෙන යෑම ආරම්භ කිරීම සිදු විය.
මහා විද්‍යාලයක් බවට පත්කිරීම -
කුඹුක්ගහුල්ල ආණ්ඩුවේ සිංහල මිශ්‍ර පාඨශාලාව 1960.07.01 දින මහා විද්‍යාල මට්ටමට උසස් කල අතර එදින සිට පාසල කු/කුඹුක්ගමුල්ල ශ්‍රී බෝධි මහා විදුහල නමින් හැදින්වින.
මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කිරීම -
කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධි මහ විදුහල 1995.02.17 දින මධ්‍ය මහා විද්‍යාලය මට්ටමට උසස් කල අතර , එදින සිට පාසල කුලී/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධි මධ්‍ය මහා විද්‍යාලය නමින් හැදින් වේ.







